රුපියල් 1000ට සම්බාහන මධ්‍යස්ථානයක් ඇතුල් වී කැමති කෙල්ලෙක් තෝරාගත හැකියි බියගම සම්බාහනය මුවාවෙන් කළ ගණිකා ජාවාරම වටලයි

සම්බාහන මධ්‍යස්‌ථාන මුවාවෙන් පවත්වා ගෙන යනු ලබූ ගණිකා නිවාස තුනක්‌ වටලා කාන්තාවන් හත් දෙනකු සමග කළමනාකරුවකු හා කළමනාකාරිනියන් දෙදෙනකු බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සම්බාහන මධ්‍යස්‌ථාන මල්වානේ වල්ගම සමෘද්ධි මාවත, වඩුවේගම හා බියගම බණ්‌ඩාරවත්ත යන ප්‍රදේශවලදී මෙසේ වටලා ඇති බවයි සදහන් වන්නේ.

සමෘද්ධි මාවත හා වඩුවේගම යන ප්‍රදේශවල සම්බාහන මධ්‍යස්‌ථාන දෙකේදී කාන්තාවන් දෙදෙනා බැගින් කාන්තාවන් හතර දෙනකු සමග කළමනාකාරිනියන් දෙදෙනෙක්‌ අත්අඩංගුවට ගනු ලැබූ අතර බණ්‌ඩාරවත්ත ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්‌ථානයේදී කාන්තාවන් තිදෙනකු සමග කළමනාකරුවකු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇති බවත් සදහන්.

එම කාන්තාවන්ගෙන් පහස ලබා ගැනීමට එන පිරිමින් රුපියල් දහසක මුදලක්‌ ගෙවා සම්බාහන මධ්‍යස්‌ථානවලට ඇතුළත් විය යුතු අතර ඉන්පසුව එම පිරිමින් විසින් තමන්ගේ කැමැත්ත මත තෝරා ගන්නා කාන්තාවන්ට ඔවුන් ඉල්ලන මුදල ගෙවිය යුතුයි.

එම කාන්තාවන්ට ඔවුන් උපයන මුදල ඔවුන්ටම හිමිවන අතර ඔවුන්ට සම්බාහන මධ්‍යස්‌ථානවලින් වැටුපක්‌ ලැබෙන්නේ නැති බවත් සදහන්.

එම කාන්තාවන් රුවන්වැල්ල, ගලපිටමඩ, නුගේගොඩ, දොම්පේ, හා මාතර යන ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර ඔවුන් වයස අවුරුදු 26 ත් 40 ත් අතර අය බවත් සදහන්. ඔවුන් සිය නිවෙස්‌වලට පවසා තිබෙන්නේ බියගම ප්‍රදේශයේ රැකියා කරන බවටයි.

එම කළමනාකරු ගාල්ල ප්‍රදේශයේ හා කළමනාකාරියන් දෙදෙනා නුගේගොඩ හා ගලපිටමඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙසේ අත්අඩංගුවට ගත් කාන්තාවන් හත් දෙනා හා කළමනාකරුවන් තිදෙනා මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *