පොහොර කම්හලේ පිපිරීමෙන් චීනය දෙදරයි

නැගෙනහිර චීනයේ රසායනික පොහොර කම්හලක සිදුවූ දරුණු පිපිරීමකින් හතළිස්‌ හතර දෙනකු මියගොස්‌ 90 කට වැඩි පිරිසක්‌ බරපතළ තුවාල ලබා තිබේ. මෙම දරුණු පිපිරීම නිසා ඒකක 2.2 ක භූමිකම්පාවකට සමාන කම්පනයක්‌ එම ප්‍රදේශයේ සිදුව තිබේ.

චීනයේ මෑත ඉතිහාසයේ සිදුවූ දරුණුතම කර්මාන්ත ශාලා අනතුරක්‌ ලෙස මෙය සැලකේ. මෙම පිපිරීම නිසා 640 දෙනකු රෝහල්ගත කර තිබේ.

පිපිරීම හේතුවෙන් ඊට කිලෝමීටර් තුනක්‌ ඈතින් පිහිටි ගොඩනැඟිලිවල වහළ හා බිත්තිද කඩාවැටී තිබේ.

මූලාශ්‍රය – දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *