මා මුහුණදුන් හොදම විස්සයි විස්ස පන්දුයවන්නා ශ්‍රී ලාංකිකයෙක් – රාහුල් ඩ්‍රාවිඩ්

අප කවුරුත් හොදින් දන්නා හදුනන සුපිරි පිතිකරුවෙක් තමයි රාහුල් ඩ්‍රාවිඩ් කියන්නේ. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහිවූ විශිශ්ටයෙකු ලෙස හදුන්වනවා. ඉතින් මේ සුපිරි පිතිකරුවා සතුව ක්‍රිකට් වාර්තා රාශියක් තිබෙනවා. මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ඇති ඩ්‍රාවිඩ් අයි පී එල් තරගාවලියේ මුල් තරගාවලි කිහිපයද නියෝජනය කල අයෙක්. ලගදී පැවති මාද්‍ය හමුවකදී ඩ්‍රාවිඩ් මුහුණදුන් බයානකම විස්සයි විස්ස පන්දු යවන්නාව ඩ්‍රාවිඩ් නම් කරල තියෙනවා.

ඩ්‍රාවිඩ් අයි පී එල් තරගාවලි කිහිපයක් හා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග කිහිපයක් පමණක් ක්‍රීඩා කර තිබුනත් වසර ගණනාවක් පුරා සුපිරි පන්දුයවන්නන් රැසකට මුහුණදුන් ක්‍රීඩකයෙක්.

ඩ්‍රාවිඩ් විස්සයි විස්ස පිටියේ ක්‍රීඩා කර තිබෙන බයානකම පන්දු යවන්නා ලසිත් මාලින්ගයි. මා මුහුණදුන් බයානකම විස්සයි විස්ස පන්දු යවන්නා ලසිත් මාල්න්ගයි. මාලින්ගගේ යෝකර් පන්දු හා ස්ලෝ පන්දු යැවීමට ඇති හැකියාව අතිවිශිශ්ටයි. ඇත්තටම කිවුවොත් ඔහුගේ යෝකර් පන්දු යැවීම විශ්මයජනකයි. ඩ්‍රාවිඩ් මෙලෙස අදහස් දැක්වීය.

මාලින්ග අයි පී එල් තරගාවලියේ වැඩිම කඩුලු ලාබියා වන අතර ඔහු කඩුලු 154 ක් බිදදමා ඇත. විස්සයි විස්ස හොදම පන්දු යවන්නා මාලින්ග බව ඩ්‍රාවිඩ් ප්‍රකාශ කර ඇත. ජාත්‍යන්තර පිටියේ මෙන්ම අයි පී එල් හීද මාලින්ග සුපිරි දස්කම් දක්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *